මෙම මෘදුකාංගය මගින් ඔබට යුනිකෝඩ් වලින් තියන සිංහල ඩොකියුමන්ට් එකක් ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල font එකකට කන්වර්ට් කරගැනීමට පහසුකම ලැබෙනවා. ප්‍රථමයෙන් මම කියල දෙන්නම් යුනිකෝඩ් කියන්නෙ මෙනාද කියල (මම දන්න විදිහට)
ඔයාල අන්තර්ජාලයේ ගූගල් ඉන්පුට් ටූල්ස් මගින් හෝ වෙනත් මෘදුකාංගයක් මගින් ටයිප් කරන අකුරු වලට අපි කියන්නේ යුනිකෝඩ් කියල. කොටින්ම කිව්වොත් මම දැන් මේ ලියන පෝස්ට් එක ලියන්නෙත් යුනියෝඩ් මගින්. අපට මෙම යුනිකෝඩ් ඩිවයිස් එකක පෙන්වීම සදහා භාවිතා කළ හැකි නමුත් (පරිගණකයේ, ජංගම දුරකථනයේ) මෘද්‍රණය වැනි කටයුත්තක් සදහා මෙම යුනිකේඩ් භාවිතා කිරීම සුදුසු දෙයක් ලෙස මා අනුමත කරන්නේ නෑ. එයට ප්‍රධාන හේතු දෙදක් තියෙනවා.
1. අකුරෙහි ඇති ගුණත්වය අඩුයි.
2. විවිධ රටා වලින් ටයිප් කළ නොහැකි වීම.
මම ඔබට උදාහරණයක් මගින් යුනිකෝඩ් සහ සාමාන්‍ය අකුරක් අතර වෙනස පෙන්වන්නම්.
හරි දැන් මම හිතනව යුනිකොඩ් කියන්නෙ මොකද්ද කියල පැහැදිලී. දැන් මම මෘදුකාංගය පිළිබදව පැහැදිලි කරන්නම්.
මෙම මෘදුකාංගය මගින් ඔබට යුනිකෝඩ් ලෙස පවතින ඕනෑම ලියවිල්ලක් ඔබට අවශ්‍ය ඕනෑම font එකකට කන්වර්ට් කරගැනීමට හැකියාව පවතිනවා. උදාහරණයක් ලෙස ඔබ සිතන්න ඔබේ පාසලේ ව්‍යාපෘතියකට ඔබ යම්කිසි පොතක් හැදුව. ඔබ ඒ පොත ටයිප් කරේ FmMalithi font එකෙන්. දැන් ඔබට අන්තර්ජාලයෙන් යම්කිසි විස්තරයක් එ් පොතට එකතුකරගත යුතුයි. එවිට ඔබ කරන්නෙ එම කොටස් අන්තර්ජාලයෙන් කොපි, පේස්ට් කිරීම නේද? එවිට ඔබ ටයිප් කරේ FmMalithi font එකෙන්. අන්තර්ජාලයෙන් ලබාගත් ටික ඇත්තේ Iskolapotha ෆොන්ට් එකෙන්. ඔබ එම පොත ප්‍රින්ට් කල පසු වෙනස ඔබට හොදට පේනව. නමුත් මෙම මෘදුකාංහය මගින් ඔබට එම අන්තර්ජාලයෙන් ලබාගත් ලියවිල්ලද FmMalithi ෆොන්ට් එකට කන්වර්ට් කරගැනීමට පහසුකම ලබාදෙනවා. එමෙන්ම සිංහල ඉංග්‍රීසි කළවමේ තිබුන කියල ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.
මම හිතනව වැඩි විස්තර ඔනෙ නෑ කියල එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.
ආහ් කියන්න බැරි උනා මේ Harshasoft Sinhala Unicode Converter එකේ පළමු සංස්කරණය ඉතින් මේකෙ සමහර අඩුපාඩු ඇති. මට සහයෝගය දක්වන්න කැමති යාළුවො ඔයාලට එන ගැටළු මට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා හොදේ.
(මෙම මෘදුකාංග නිර්මාණය සදහා විශාල වෙහෙසක් වන අතර ඔබට කිසිදු අයකිරීමකින් තොරව නොමිලේ ලබාදෙන මෙම මෘදුකාංග පිළිබදව ඔබගේ මිතුරන්ද දැණුවත් කර මා හට සහයෝගය ලබාදෙන්න.)








